Sunday, April 28, 2024

General line - 0115112241

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක සිර දඬුවමක්




කූරගලදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කර තිබෙනවා.