Saturday, April 27, 2024

General line - 0115112241

පොල් කිරි අපනයනයෙන් 2024 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 2,971ක ආදායමක්




පොල් කිරි අපනයනය මගින් මෙම වසරේ පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2,971ක මුදලක් ඉපැයූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙටි්‍රක් ටොන් 4,366ක් අපනයනය කර තිබෙනවා.

ඉන් ලැබූ ආදායම රුපියල් මිලියන 2,401ක්. 2024 වර්ෂයේ පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙටි්‍රක් ටොන් 6,739ක් අපනයනය කර තිබෙනවා.

එය 2023ට සාපේක්ෂව මෙටි්‍රක් ටොන් 2,373ක ඉහළ යාමක් අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබෙනවා.