Sunday, April 28, 2024

General line - 0115112241

කාන්තාවන් සවිබල ගන්වන පනත් කිහිපයක් ළඟදීම




කාන්තාවන් සවිබල ගන්වන පනත් කිහිපයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ රටට වැදගත් පනත් කෙටුම්පත් 75ක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇති බවයි අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.