Saturday, April 27, 2024

General line - 0115112241

ඩී එස් - මහානාම රන් මහා සටන ඇරඹේ




කොළඹ ඩී ඇස් සේනානයක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 18 වන රන් මහා සටන අද කොලඹ එස් එස් සී ක්‍රිඩංගනයේදි ආරම්භ වුනා.

තරඟයේ ආරම්භය සිදුකෙරුනේ විදුහල් දෙකේ විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. 

කාසියේ වාසිය මහානාම විද්‍යාලයේ කණ්ඩායම් නායක දුවිදු රණතුංග හිමි කරගත් අතර ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවිමට තිරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිස සිටින කොළඹ ඩී ඇස් සේනානායක විදුහල් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 23 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුනු 137 ක් ලබා සිටියා.