Saturday, April 27, 2024

General line - 0115112241

නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොල හා මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ දෙදෙනෙකු කලපිටියේදී අල්ලයි




නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොල හා වියලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව, කල්පිටිය කන්දකුලිය සංගස්වැව ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදියි.

ලොරි රථයේ තිබී බීඩි කොල කිලෝ ග්‍රෑම් 1,778ක් හා වියලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 177ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හා කල්පිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 හා 30 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

සැකකරුවන් සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.