Sunday, April 28, 2024

General line - 0115112241

ඊශ්‍රාලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර - 42 දෙදෙනෙකු මියයයි




ඊශ්‍රායලය විසින් සිරියාවේ ඇලෙප්පෝ නගරය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කර ඊශ්‍රායලය එම ප්‍රහාර මාලාව දියත් කර ඇති බවයි.

ඒ හමුවේ සිරියානු හමුදා සාමාජිකයින් 35 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මියගිය පිරිස අතර හිස්බුල්ලා සාමාජිකයින් ද වන බව සඳහන්. කෙසේවෙතත් ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඊශ්‍රායලය පැවසුවේ සිය ප්‍රහාර හමුවේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු මියගොස් ඇති බවයි.