Saturday, September 21, 2024

General line - 0115112241

මාතර යළි යාපාට




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කර තිබෙනවා.

අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් එම පත්වීම් ලිපිය පිළිගන්වා තිබෙනවා.

මීට පෙර එම ධූරයේ කටයුතු කළේ ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එය පුරප්පාඩු වුණා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමයෙහිද මාතර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළා.

14114789_10154302112206327_721687628437112817_o