Tuesday, April 30, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවේ තවත් ඛේදවාචකයක්




ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වේක්ලි නගරය ආසන්නයේ දේවස්ථානයක් තුළදී පිහි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එම දේවස්ථානයේ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතරතුර පිහි ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රහාරයෙන් අගරදගුරුවරයෙකු සහ තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් නොමැති බව එරට පොලිසිය නිවේදනය කරනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලිසිය පවසන්නේ. 

මේ අතර පසුගියදා සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයකදී ද පිහි ඇණුමක් සිදුවුණා.

එහිදී පුද්ගලයින් 06 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුඩා දරුවෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකුද එහිදී තුවාල ලැබුවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු වෙඩි තබා ඝාතනය කිරීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරියකු කටයුතු කළ බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.