Wednesday, May 1, 2024

General line - 0115112241

පාතාල සාමාජිකයන් 16ක් අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 05 දෙනෙකු සහ ඔවුන්ට සම්බන්ධ තවත් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කළුතර, ගාල්ල, කොළඹ, බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් උතුර යන ප්‍රදේශවල සිදු කළ මෙහෙයුම්වලට අනුවයි.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ සැකකරුවන් සහ සැකකාරියන් ගණන 439ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.