Tuesday, April 30, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා අඛණ්ඩ විරෝධාතා




හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ඔහු ගේ දේශපාලන පක්ෂය වන තාරික් - ඊ- ඉන්සාෆ් ආධාරකරුවන් අඛණ්ඩව විරෝධාතාවයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රධානියෙකු වන ෂෙර් අෆ්සාල් මර්වාට් මාධ්‍ය වෙත කියා සිටින්නේ සිය පාක්ෂිකයින් තම නායකයා නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලකරමින් සිදුකරන විරෝධතාවය ඉස්ලාමාබාද් හිදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි.

" මට සහතික කර කියන්න පුළුවන් අපේ නායකයාගේ නිදහස වෙනුවෙන් මාසයක් පුරාවට වුවත් අපට රටපුරා නගරවල වීදිවල බිම වාඩිවී සිටින්න අපේ පාක්ෂිකයින්ට පුළුවන්." ඔහු කියා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ නායකත්වය සහ ජේෂ්ඨයින් සමග සිදුකළ සාකච්ජාවෙන් අනතුරුව මෙම විරෝධතාවය අප්‍රේල් මස 21 වෙනිදායින් පසුව සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

පාකිස්තානය පුරාතම පක්ෂ ආධාරකරුවන් සිදුකිරීමට සැලසුම් කර තිබෙන විරෝධතාවයන් මර්ධනය කිරිමට ආණ්ඩුව කටයුතු කළහොත් ඊට එරෙහිව ලබා දෙන පිළිතුර ඉතා සැර එකක් වනු ඇති බවයි ෂෙර් අෆ්සාල් මර්වාට් කියා සිටියේ