Tuesday, April 30, 2024

General line - 0115112241

බිඳ වැටුණු ස්වෛරීත්ව බැඳුම්කර සාකච්ඡාව යළි අරඹන්න ආණ්ඩුව සැරසෙයි




ශ්‍රී ලංකාවේ දෙවන සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බැලීමට පෙර, පොදු මතයකට එළඹීමේ අදහසින් බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා බලධාරීන් සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සද්භාවයෙන්, ණයහිමියන් අතර සාධාරණ ලෙස සැලකීමේ මූලධර්ම තුළ සහ එවැනි සාකච්ඡාවල සම්මතයන් තුළ උපරිම විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව නිරත වන බවයි. 

කෙසේවෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමග කරන සාකච්ඡා සඳහා විපක්ෂයද එක්කර ගත යුතු බවයි. 


ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් ISB ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව මේ වන විට වාර්තා වී තිබෙනවා.

ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා කෙරෙන බැඳුම්කරවලින් සියයට 50කට වඩා මෙම කණ්ඩායමට අයත් වනවා. 

කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග මීළඟ පියවර සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සමඟ වැඩිදුර උපදෙස් ලබා ගත යුතු බවයි.