Tuesday, April 30, 2024

General line - 0115112241

දෙකට කැඩුණු නිදහස් පක්ෂය එකට එක් වී සිරිමාවෝ ගුණ සමරයි




දේශපාලනික වශයෙන් දෙකට බෙදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් 02ම අද එකම වේදිකාවකදී එකිනෙකා මුණ ගැසුණා.

ඒ, හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුමේදීයි.

එය පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහය දක්වන කණ්ඩායම සහ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සමග සිටින කණ්ඩායම යන දෙපාර්ශවයම එක්ව සිටීම විශේෂත්වයක්.

කෙසේවෙතත් ඔවුන් දෙපාර්ශවය දෙපසක අසුන් ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම අධිකරණ නියෝගයකින් වාරණය කළ අතර පසුව වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පත් කෙරුණා. 

මේ, එම උත්සවය ඇමතූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.


මේ, පසුව සභාව ඇමතූ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා.


මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වී සිටියේ නැහැ.