Tuesday, April 30, 2024

General line - 0115112241

වසර 75කට පසු ඇදහැළුණු වැඩිම වැස්සෙන් ඩුබායි යට වෙයි




වසර 75කට පසු ඇදහැළුණු වැඩිම වර්ෂාපතනය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජන ජීවිතය ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් ප්‍රදේශවලට පැය 24කට අඩු කාලයකදී මිලිමීටර් 250කට වැඩි වර්ෂාපතනයක් ඇද හැළී ඇති බවයි.

වර්ෂාවත් සමග මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමනයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ඒ අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඩුබායි හි ගුවන් තොටුපළද අයත්. 

අද වන විට එහි ගුවන් ගමන් රැසකටද මෙම වර්ෂාව හේතුවෙන් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

පාසල්ද වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඩුබායි නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත්තේ පැය 12කට ආසන්න කාලයක් තුළ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පමණක් වීමද විශේෂත්වයක්.