Tuesday, April 30, 2024

General line - 0115112241

ඇප ප්‍රතික්ෂේපයි - දමිතා යළි රිමාන්ඩ්

උදය කුමාර




විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සැකකාර යුවළට එරෙහිව පවතින සාක්ෂි වල සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලෙසයි. 

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසුවේ විදේශ රැකියා ලබාදන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරන බවයි.

ඉන් අනතුරුව සැකකරුවන් ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.