Wednesday, May 1, 2024

General line - 0115112241

ඩුබායි සහ ඕමානයට ඉදිරි පැය කිහිපයේද අධික වර්ෂාවක්




අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට එල්ල වී ඇති බලපෑම් තවමත් අවසන් වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉදිරි පැය කිහිපයේද අධික වර්ෂාපතනයක් ඇද හැළෙනු ඇතැයි පුරෝකතනය කර ඇති බවයි.

වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඕමානයටයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ප්‍රධාන නගර රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ඩුබායි නගරය හා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඒ අතරට අයත්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙවැනි දරුණු වර්ෂාපතනයක් ඇද හැළීම දුර්ලභ කාරණයක්.

එබැවින් මාර්ග ජලයෙන් යට වූ අවස්ථාවේ ජලය බැස යාම සඳහා යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සකස් කර නොතිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙලෙස ඇද හැළෙන්නේ වසර 75කට පසු ඇද හැළෙන වැඩිම වර්ෂාපතනය ලෙසයි.