Wednesday, May 1, 2024

General line - 0115112241

කාන්තාවන් තිදෙනෙකුගේ ඇතුළු සැකකටයුතු මරණ 04ක් ගැන පොලිස් පරීක්ෂණ




සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු කළුතර දකුණ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, ඉසුරුඋයන ප්‍රදේශයේ නිවසක තිබියදීයි.

තවත් නාඳුනන මළ සිරුරු 02ක් මට්ටක්කුලිය සහ අනුරාධපුරය යන පොලිස් වසම්වලදී සොයාගෙන තිබෙනවා.

මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර ප්‍රදේශයේදී කැලණිගං ඉවුරේ තිබී සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියකගේ සිරුරක්.

මීට අමතරව කුරුවිට ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සහ පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම අසලදී තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.