Friday, May 3, 2024

General line - 0115112241

මහානාමෙන් 306ක ඉලක්කයක්




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර රන් මහා සටන එක්දින ක්‍රිකට් තරඟය මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනාගත් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොළඹ මහානාම විද්‍යාලයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පැමිණි මහානාම විද්‍යාලය මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 50ක් අවසානයේදී කඩුලු  09ක් පමණක් දැවී ලකුණු 305ක් ලබාගෙන සිටිනවා.

පාසල් දෙක අතර එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙන්නේ  18 වන වරටයි.

මෙම තරඟයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන එක්වුණා.

පාසල් දෙක අතර පැවැත්වෙන එක්දින තරඟය පිළිබඳ නෙත් නිවුස් වෙත ඔහු මෙලෙස අදහස් පළකළා.