අක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම ආසන්නයේ පිහිටි පාලම අසල තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.
බණ්ඩාරගම පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ සිදු කළ පරික්ෂාවකදී අදාළ නාඳුනන මළසිරුර සොයා ගත් බවයි.
නිල් පැහැති අත් කොට කමිසයක් සහ සරමක් හැඳ සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් එලෙස සොයා ගෙන තිබෙනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලීසිය පැවුසවේ.