Sunday, June 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පොලීසිය විසින් සංවිධානය කළ වෙසක් බැති ගී ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි 




2024 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය විසින් සංවිධානය කරනු ලැබු  “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය ඊයේ (22) පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වුණා.

ශ්‍රී ලංකා පොලිස් බටහිර තූර්ය වාදන කොට්ඨාසයේ සංගීතයෙන් සහ ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනයෙන් විචිත්‍රවත් වූ මෙම බැති ගී ප්‍රසංගය සඳහා ආරාධිත ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් ද  එක්ව සිටියා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානී ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා,  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා සමග වෙසක් බැති ගී ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියා.