Sunday, June 16, 2024

General line - 0115112241

විජලනය නිසා ශාරුක් ඛාන් රෝහලට




බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසියේ ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඒ, මේ වන විට ඉන්දියාවට බලපා ඇති උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් ඇතිවූ විජලන තත්ත්වයක් මතයි.

ශාරුක් ඛාන් මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නැරඹීමට අහමදාබාද් නුවරට ගිය අවස්ථාවේදීයි.

රෝහල වටා දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණා. ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් ද මෙතෙක් නිකුත් කර නැහැ.

කෙසේ වෙතත්  ශාරුක් ඛාන්ගේ කළමණාකාරවරිය වන පූජා දද්ලානි සඳහන් කර තිබුණේ ශාරුක් මේ වන විට සුව වෙමින් සිටින බවයි.

ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වන ජුහි චව්ලාද ශාරුක් ඛාන් බැලීමට රෝහලට ගොස් තිබුණා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හිමිකාරත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එල්පිඑල් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ක්‍රීඩා කරන අයුරු නැරඹීමට ශාරුක් ඛාන් පැමිණෙනු ඇති බවයි.

මේ වන විට ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ ගොස් තිබෙනවා.