Saturday, July 27, 2024

General line - 0115112241

සංගක්කාරගේ රාජස්ථාන්, IPL අවසන් තරඟයට ළං වෙයි




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති, අවසන් මහා තරඟයට සුදුස්සන් තෝරන තීරණාත්මක තරඟයෙන් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, විරාත් කෝලි නියෝජනය කරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 172ක් රැස් කළ අතර රාජස්ථාන් පිළ එය පසුකර ගියේ කඩුලු 06ක් පමණක් දැවී තිබියදීයි.

ඒ අනුව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ රාජස්ථාන් කණ්ඩාමේ තීරණාත්මක අවසන් තරඟය, හෙට හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර, රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවායි.