Sunday, June 16, 2024

General line - 0115112241

කැලණි, කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම ගැන විශේෂ නිවේදනයක්




පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අලුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කැලණි ගඟ, හොලොම්බූව ප්‍රදේශයෙන් පැවති සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බව එහි සඳහන්.

කෙසේවෙතත් කළු ගඟ පුටුපාවුල හා මගුර යන ප්‍රදේශවල පැවති අවදානම් තත්ත්වය තවමත් පවතින අතර එහි ජල මට්ටම වැඩි වෙමින් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

රත්නපුර ප්‍රදේශයේ කළු ගඟේ පැවති අවදානම් තත්ත්වය තවමත් පවතින නමුත් එහි ජල මට්ටම අඩුවෙමින් පවතිනවා.

කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශය තවමත් ඇත්තේ සුළු ගංවතුර තත්ත්වයකයි.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද, නිල්වලා ගඟ පනාදුගම ප්‍රදේශයෙන්ද තවමත් අවදානම් තත්ත්වයේ පවතින අතර එහි ජල මට්ටම වැඩි වෙමින්ද පවතිනවා.

අත්තනගලු ඔයේ ජල මට්ටම වැඩි වෙමින් දූනමලේ ප්‍රදේශයෙන් පවතින්නේ අවදානම් තත්ත්වයකයි.