Saturday, September 28, 2024

General line - 0115112241

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රැන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියෙන් මුදල් පරිත්‍යාගක් 




ගාසා හි ගැටුම්වලින් විපතට පත් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රැන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලිය විසින් රුපියල් එක්කෝටි හත් ලක්ෂ හැට නව දහස් හාරසිය දාහතක  මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත අද (23) එම පල්ලියේ පැවති විශේෂ යාඥා මෙහෙය අතරතුරදී,  භාරකාරීත්ව මවුලවිතුමන්ලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවා.