Saturday, September 28, 2024

General line - 0115112241

රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව ජනපති පවසයි 




තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය අද (23) පෙරවරුවේ විවෘත කරමිනි.

මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයාව දමිල චාරිත්‍රාණුකූලව පිළිගනු ලැබුවා.

රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළා. 

අනතුරුව පැවති උත්සව සභාවේ දී කෘෂි සංවිධාන සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ ද අද  නිරීක්ෂණ චාරිකාවක  නිරත වුණා.

මෙම දෙළුම් වගාව අක්කර 150ක පමණ භූමි භාගයක පවත්වාගෙන යනු ලබන  අතර, 300ක පමණ ගොවි ජනතාවක් එහි ප්‍රතිලාභ ලබනවා.

පසුගිය වසරේ අක්කර භාගයක දෙළුම් වගාවෙන් රුපියල් ලක්ෂ 36ක් පමණ වටිනා අස්වැන්නක් ලබා ගැනීමට මෙම ගොවි ජනතාවට හැකිව ලැබී තිබෙනවා.