Sunday, September 8, 2024

General line - 0115112241

අනුරත් උතුරට ගොස් දෙමළ සන්ධාන නායකයින් හමුවෙයි




ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ඒ, යාපනයේ පිහිටි ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදීයි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්, මාවෛයි සේනාධිරාජා ඇතුළ එම පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාවට එක්ව සිටියා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන රාමලිංගම් චන්ද්‍රසේකර් සහ බිමල් රත්නායක ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට එක්  වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.


මේ අතර උතුරේ සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායකින් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. 

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ. 

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කිසියම් අපේක්ෂකයෙකුට සහය ලබාදෙන අකාරය සහ ඔවුන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද යනු කරුණු සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා. 

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී පැවැති එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම් එස් සුමන්දිරන්, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී වී කේ සිවඥාණම් ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

විපක්ෂ නායකවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එම සාකච්ඡාවට එක්ව ඇති බවද වාර්තා වුණා.