Wednesday, October 23, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපර් එයිට් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත් වෙයි. 




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාවද සිටින ‘ඩී’ කාණ්ඩයේ ශ්‍රී ලංකා නේපාල් තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමගයි.

ඒ අනුව තරඟ තුනකට සහභාගි වී ප්‍රසාද ලකුණු 06ක් ලබාගෙන සිටින බැවින් දකුණු අප්‍රිකාව ඊළඟ වටයට සුදුසුකම් ලැබුවා.

එම කාණ්ඩයෙන් සුපිරි 08 වටයට සුදුසුකම් ලබන මීළඟ කණ්ඩායම තීරණය කරන තීරණාත්මක තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.

ඒ, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතරයි.