ජෛවමිතික දත්ත සහිත නව විද්්‍යුත් හැඳුනුම්පත හඳුන්වා දීම මෙම වසර අවසාන වන විට ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී පැවසුවේ පළමුවරට හැඳුනුම්පත් අයදුම් කරන පුද්ගලයින්ට එම හැඳුනුම්පත ප්‍රථමයෙන් නිකුත් කරන බවයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කරන පාසල් සිසුන්ට දැනට තහවුරු කිරීමේ ලිපියක් පමණක් නිකුත් කරන බවද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියා.
මෙම වැඩසටහන යටතේ සියලුම පුරවැසියන්ට වසරක් ඇතුළත ජෛවමිතික දත්ත සහිත නව විද්්‍යුත් හැඳුනුම්පත ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී පැවසුවේ.
කෙසේවෙතත් දැනට නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පතක් අස්ථානගත වී ඇති පුද්ගලයින්ට දැනට නිකුත් කරන වර්ගයේ හැඳුනුම්පතක් ලබා දීම සාමාන්‍ය පරිදි සිදු වනවා.
එය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක් දින හෝ සාමාන්‍ය සේවා යටතේ ලබා ගත හැකියි.
නව විද්්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ජාතික දත්ත පද්ධතිය සකස් කිරීමේ වැඩසටහන යටතේ සිදු කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ.