Monday, June 24, 2024

General line - 0115112241

යාල් දේවීයෙන් ඇද වැටුණු දුම්රිය නියාමක ගම්පහ රෝහලට




කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් යාල් දේවී දුම්රියෙන් ඇද වැටී අතුරුදන්ව සිටි ප්‍රධාන දුම්රිය නියාමකවරයා මේ වන විට සොයාගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම දුම්රිය නියාමකවරයාට තුවාල වී සිදු වී ඇති බැවින් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අදාළ දුම්රිය නියාමකවරයා අද උදෑසන බුලුගහගොඩ ගනේමුල්ල ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටී මෙලෙස අතුරුදන් වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.