Monday, June 24, 2024

General line - 0115112241

සංගීත ප්‍රසංගයකදී  බිරිඳ සමග නර්ථනයේ යෙදුනැයි තරුණයෙකුගේ ගෙලකපාc

සම්පත් කුලරත්න




සංගීත ප්‍රසංගයකදී ගෙලකපා තරුණයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා 

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම තරුණිය කළුතර ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේ යෙදී සිට ඇති අතර එහිදී උරන වූ සැකකරු නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන්  කළුතර දකුණ පොලීසිය විසින් වැඩි දුර විමර්ශන සිදුකරනු ලබනවා .