Saturday, September 28, 2024

General line - 0115112241

ජනපතිගෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සහ ව්‍යාපාරිකයන් හමුවෙයි 




මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ හමුවක්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ‘ගෝල්ඩන් රිවර්’ හෝටලයේදී ඊයේ  (22) පැවැත්වුණා. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හමුවකට ද පස්වරුවේ එක් වුණා.  

සංචාරක, කර්මාන්ත සහ කෘෂිකාර්මික වශයෙන් නැගෙනහිර පළාත තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමේ රජයේ සැලසුම් පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ ජනාධිපතිවරයා විශේෂයෙන් ඉන්දීය රජය සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර ද පැහැදිළි කළා.