Friday, October 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස් වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධනද ඊයේ ඉල්ලා අස්වුණා.