Tuesday, July 2, 2024

General line - 0115112241

පිලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට

හැටන් රංජිත් රාජපක්ෂ   




රාත්‍රි තැපැල් දුම්රිය පිලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කල රාත්‍රි තැපැල් දුම්රිය පිලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු  අද උදැසන 8 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු පවසා සිටියේ.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිම ගලබඩ සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි 93/40 සැතපුම් කණුව අසලදි (30) දින අලුයම 1 ට පමණ පිලි පැනිමට ලක්විම නිසා උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

පිලි පැනිමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පිලිගත කිරිමෙන් අනතුරු එම මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්ත්වයට පත් කල බවයි එම නිලධාරියා පවසා සිටියේ