Thursday, July 4, 2024

General line - 0115112241

බෝම්බ බියක් නිසා මහනුවර අධිකරණ සංකීර්ණයේ නඩු කටයුතු නවතී

කමල් සුරවීර-හේරත් ඒකනායක




මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් අද එහි විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.

පොලිසිය විසින් එලෙස සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත්තේ එම අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද නිර්ණාමික ඇමතුමකට අනුවයි.

එම මෙහෙයුමට යුද හමුදාව ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අද දිනට නියමිත නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර ආරක්ෂක අංශ පැමිණ අධිකරණ සංකීර්ණය තුළ සිටි විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලුදෙනා ඉවත් කර එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේවෙතත් අධිකරණ සංකීර්ණය තුළ තිබී සැකකටයුතු කිසිවත් සොයාගෙන නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධිය හේතුවෙන් මහනුවර අධිකරණ සංකීර්ණයේ අදට නියමිතව තිබූ නඩු කටයුතු ලබන 16වනදා විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.