Thursday, July 4, 2024

General line - 0115112241

මූල්‍ය වංචාවකට සම්බන්ධ බෙල්ජියම් ජාතිකයෙකු CID අත්අඩංගුවට




මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින බෙල්ජියම් ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර බෙල්ජියම් ජාතිකයා විසින් ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් හය කෝටි තිස් අට ලක්ෂ 18,452ක මුදලක් ලබාගෙන එම ඉදිකිරීම් කටයුතු සිදු නොකර එම මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.