Thursday, July 4, 2024

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා.




මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය සහ වැල්වත්ත දුම්රිය ස්ථාන අතර පීල්ලක් කැඩී යාම හේතුවෙන් අද පෙරවරුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉදිපොළගේ පැවසුවේ රේල් පීල්ල කැඩී ගිය ස්ථානය තාවකාලිකව සකස් කර උදෑසන කාර්යාලීය දුම්රිය ගමනාන්තය කරා ධාවනය කරවීමට සැලැස් වූ බවයි.

මේ වනවිට රේල් පීල්ල කැඩී ගිය ස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියා.

ඒ හේතුවෙන් බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානය අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට පමණක් සීමා වී ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.