Friday, October 18, 2024

General line - 0115112241

සුළි කුණාටුවට මැදි වූ ඉන්දීය පිල ලෝක කුසලානය දිනා, දින 05කට පසු මව් රටට




2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම අද සිය මව්රට බලා පැමිණියා.

ඒ, ලෝක කුසලානය දිනා දින 05කට පසුව වීම විශේෂත්වයක්.

ජූනි 29 වනදා පැවති අවසන් මහා තරඟය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට මෙතෙක් සිය රට බලා පැමිණීමට නොහැකි වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආශ්‍රිත කලාපයට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන්.

පසුව අද දින දිල්ලි ගුවන් තොටුපළට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මහත් හරසරින් පිළිගැණුනු අතර සිය ගණනක ප්‍රේක්ෂකයින් ජාතික ධජ ලෙලවමින් සිය ක්‍රිකට් විරුවන් පිළිගත්තා.