Sunday, October 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකාර ධූරය සනත් ජයසූරියට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු පත් කරන තෙක් එළඹෙන ඉන්දීය සහ එංගලන්ත තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකාර ධූරය සනත් ජයසූරියට ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වවුර්ඩ් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය හිස්ව පවතිනවා.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මේවන විටත් උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා.