Friday, October 18, 2024

General line - 0115112241

මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට 




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල යටතේ ආරම්භ කල ව්‍යාපෘතියකට අනුව ජපානය විසින් ලබාදුන් මූල්‍ය ආධාර යටතේ මිරිහාන පොලිස් ස්ථානයේ ඉදිකරන ලද නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ල අද දින සවස ජනතා අයිතියට පත්කරන ලදී.

ඒ ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ,මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියාණි ගුණතිලක සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහභාගීත්වයෙන් 

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තන් ලෙස ජපන් තානාපති H.E Mizukoshi Hideaki සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කුලේ අදේනි  සහභාගී විය.

පැමිණිලිකරුවන්ට තම පෞද්ගලිකත්වය වඩාත් ආරක්ෂාවන පරිදි පැමිණිලි ඉදිරිපත් කිරීමට හා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීමට හැකිවන ආකාරයට මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබෙනවා.. 

ගොඩනැගිල්ලකට රුපියල් මිලියන 06 බැගින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් විදෙස් ආධාර යටතේ පළාත් 09 තුල මෙවැනි ගොඩනැගිලි 09 ක් ඉදි කිරීමට යෝජිත වී තිබු අතර  මෙම ගොඩනැගිල්ල බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉදිවූ ගොඩනැගිල්ල ද වෙනවා.

ඒ අනුව තවත් මෙවැනි ගොඩනැගිලි 08 ක් දිවයින පුරා ඉදිකිරීමට නියමිතව තිබෙනවා.