Sunday, September 8, 2024

General line - 0115112241

මැදපෙරදිග ගැන ඉන්දියාවෙන් සහ රුසියාවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් 

චිරාන් ධර්මසේන




ඉන්දියාව සහ රුසියාව ගාසා තීරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ ඉකුත්දා සිදු කෙරුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරයේදීයි.

එහිදී මැදපෙරදිග තත්වය පිළිබඳව නායකයින් දෙපළ ගැඹුරු කනස්සල්ලක් ප්‍රකාශ කර ඇති අතර සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

22 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුවෙන් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වන්නේ අදාළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2720 යෝජනාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ලෙස වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටින බවයි.

ගාසා තීරයේ මානුෂීය ආධාර කඩිනමින් ආරක්ෂිතව සහ බාධාවකින් තොරව ලබාදීමටත් දෙපාර්ශ්වය ඉල්ලා සිටිනවා.

ඒකාබද්ධ ප්‍රකාශයේ ඉන්දියාව සහ රුසියාව පැවසුවේ ගාසා තීරය පුරා සිටින පලස්තීන සිවිල් ජනතාවට පරිමාණයෙන් මානුෂීය ආධාර වහාම ආරක්ෂිත සහ බාධාවකින් තොරව ලබා දෙන ලෙසයි.

කල්පවත්නා සහ තිරසාර සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇතැයි සඳහන්.

සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස මෙන්ම ඔවුන්ගේ වෛද්‍ය සහ අනෙකුත් මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා මානුෂීය ප්‍රවේශයද ලබාදෙන ලෙස ඉන්දියාව සහ රුසියාව ඉල්ලා තිබෙනවා