Sunday, September 8, 2024

General line - 0115112241

පිලිපීනයෙන් චීනයට දොස්

චිරාන් ධර්මසේන




දකුණු චීන මුහුදේ තරඟකාරී දෙවන තෝමස් ෂෝල් කලාපය තුළ නැංගුරම් ලා ඇති යුද නෞකාව ප්‍රදේශයේ කොරල්පර පරිසර පද්ධතියට හානි කර ඇති බවට චීනයේ චෝදනාව පිලිපීනය ප්‍රතික්ෂේප කළා.

දකුණු චීන මුහුදේ පිලිපීන කාර්ය සාධක බලකාය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ දකුණු චීන මුහුදේ කොරල්පර වලට හානි වීමට හේතු පිළිබඳව ස්වාධීන, තෙවන පාර්ශවීය සමුද්‍ර විද්‍යාත්මක තක්සේරුවක් ඉල්ලා සිටින බවයි.

“කොරල්පරවලට ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කර ඇති බව සොයාගෙන ඇත්තේ චීනයයි. සමුද්‍රීය පරිසරයට අප්‍රමාණ හානියක් සිදු කර ඇති අතර, දහස් ගණනක් පිලිපීන ධීවරයින්ගේ ස්වභාවික වාසස්ථාන සහ ජීවනෝපාය අනතුරේ හෙළා ඇත්තේ චීනයයි," යනුවෙන් පිලිපීන කාර්ය සාධක බලකාය චෝදනා කළා.

චීනයේ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ වාර්තාවක දැක්වුණේ පිලිපීන යුද නැව් දිගු කලක් තිස්සේ නන්ෂා දූපත් ලෙස හඳුන්වන ප්‍රදේශය අසල දෙවන තෝමස් ෂෝල් කලාපය අවට නීතිවිරෝධී ලෙස සැරිසරන බවයි.

පිලිපීන යුද නෞකා එහි ඇති කොරල්පරවල විවිධත්වය, ස්ථාවරත්වය සහ තිරසාරත්වයට බරපතල ලෙස හානි කර ඇති බව ද චීනය පැවසුවා.

පිලිපීනය සහ චීනය 1999 දී සමුද්‍රීය හිමිකම් තහවුරු කිරීම සඳහා දෙවන තෝමස් ෂෝල් මුහුදු කලාපය පදනම් කර ගනිමින් ගැටුම්වල පැටලී සිටිනවා.