Thursday, October 31, 2024

General line - 0115112241

තායිවානය චීනයේ නෞකාවක් ලුහුබඳී

චිරාන් ධර්මසේන




චීනයේ ෂැන්ඩොං ගුවන් යානා ප්‍රවාහන නෞකාව පැසිෆික් කලාපයේ අභ්‍යාස සඳහා යමින් සිටියදී උතුරු පිලිපීනය ආසන්නයෙන් ගමන් කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

තායිවානය වටා යුධ අභ්‍යාස සඳහා චීන ගුවන් යානා රැසක් ගුවන් යානා වාහක නෞකාව සමග සම්බන්ධ වී ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් තායිවානය අවට ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙලන යානා සහ ඩ්‍රෝන යානා ඇතුළුව මුළු චීන ගුවන් යානා 37 ක් සිය රට ආසන්නයේ සිටින බව ද එම අමාත්‍යංශය පැවසුවා.

එම චීන යුද ගුවන් යානා දකුණු සහ ගිනිකොනදිග ගුවන් සීමාව හරහා බටහිර පැසිෆික් කලාපයට ගමන් කර ඇත්තේ ඒකාබද්ධ මුහුදු සහ ගුවන් පුහුණුව පැවැත්වීම සඳහා ගුවන් යානා වාහක ෂැන්ඩොං නෞකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ පැවසුවේ නෞකාවේ ගමන් මාර්ගය පිළිබඳව තම අමාත්‍යාංශය පූර්ණ අවධානයෙන් සිටින බවයි.

තායිවානය පිලිපීනයෙන් වෙන් කරන ජල මාර්ගය සහ චීන යුද නැව් සහ යුධ ගුවන් යානා පැසිෆික් සාගරයට යන විට සාමාන්‍යයෙන් ගමන් කරන මාර්ගය සම්බන්ධයෙන් තායිවානය මෙලෙස විමසිල්ලෙන් සිටින බවයි වාර්තා වන්නේ