Thursday, October 31, 2024

General line - 0115112241

පකිස්තාන ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු අභිරහස් ලෙස ඝාතනය කෙරේ

චිරාන් ධර්මසේන




පකිස්තානයේ ෂහීඩ් මුරීඩ් අක්බාර් පොලිස් ස්ථානයට අයත් කිරී හයිඩර් ගම්මානයේ තිබී ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ මළ සිරුරු පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

කොස්තාපල් හබීබ් ඛාන් සහ පෙරටුගාමී බළකායේ සෙපොයි ඉනාමුල්ලා යන අයගේ මළ සිරුරු එලෙස සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

නිලධාරීන් දෙදෙනාම අතුරුදන් වී ඇත්තේ ඉකුත් බදාදා යි. ඔවුන්ගේ මළ සිරුරු සොයා ගෙන තිබුණේ ඉකුත් බ්‍රහස්පතින්දායි.

දේහය ඔවුන්ගේ පවුල්වලට භාරදීමට පෙර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දිස්ත්‍රික් මූලස්ථාන රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර Daraban පොලිස් ස්ථානයට එල්ල වූ ප්‍රහාරයකට සම්බන්ධ වීමට අවශ්‍යව සිටි සටන්කාමියෙකු පකිස්තාන ආරක්ෂක අංශ විසින් Dera Ismail Khan හි මෙහෙයුමකදී ඝාතනය කර තිබෙනවා.

ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ නිලධාරීන් කණ්ඩායමක් ඩේරා ටවුන් පොලිස් ස්ථාන බල ප්‍රදේශය තුළ හික්මාතාබාද් හි ජලේබි මෝර්හිදී මෙහෙයුම සිදු කළ අතර, දරබන් කලන් හි පදිංචි කිෆායාත් උල්ලා නමැති සටන්කාමියා එහිදී ඝාතනය කර තිබෙනවා.

ආරක්ෂක භටයින් 24 දෙනෙකු මිය ගිය අතර තවත් 33 දෙනෙකුට තුවාල සිදු කළ Daraban පොලිස් ස්ථානයට  ප්‍රහාරයට ඔහු සම්බන්ධ බවටයි චෝදනා එල්ල වන්නේ