Thursday, October 31, 2024

General line - 0115112241

මාලදිවයින යළිත් ඉන්දියාවට හැරෙයි

චිරාන් ධර්මසේන




මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු සිය ණය ආපසු ගෙවීම ලිහිල් කිරීමට දක්වන සහයෝගයට ඉන්දියාවට ස්තූතිය පළ කර තිබෙනවා.

ඒ, නව දිල්ලිය සහ මාලේ ශක්තිමත් සබඳතා ගොඩනඟා නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරනු ඇතැයි බලාපොරොත්තුව තහවුරු කරමින්.

මාලදිවයිනේ පැවති නිල නිදහස් දින උත්සවය අමතමින් මුයිසු ඒ බව පවසා තිබුණා.

මාලදිවයිනේ ණය ආපසු ගෙවීම ලිහිල් කිරීමට සහ එමඟින් රටට ආර්ථික ස්වෛරීභාවය සහතික කිරීමට හැකිවීම සඳහා ඉන්දියාව ලබාදුන් සහයෝගය පිළිබඳව ජනාධිපති මුයිසු එහිදී කෘතඥතාව පළ කළා.

දේශීය ඩොලර් හිඟය සමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඔහු මාලදිවයින් රජය නවදිල්ලිය සමඟ මුදල් හුවමාරු ගිවිසුම් සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි පැවසුවේ .

තම පරිපාලනය බ්‍රිතාන්‍ය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද මාලදිවයින් ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාව සමඟ ද එවැනිම එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසා ඇත්තේ