Thursday, October 31, 2024

General line - 0115112241

මෝදි එනතුරු යුක්‍රේනය බලා හිඳී

චිරාන් ධර්මසේන




යුක්රේනයේ සංස්කෘතික සහ තොරතුරු ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය Anastasia Bondar පසුගිය සතියේ දිල්ලි හි WION පුවත් සේවය සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට පැමිණීම පිළිබඳව සුබවාදීව අදහස් දක්වා තිබෙනවා.

එහිදී අමාත්‍ය බොන්ඩාර් පවසා ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉතා ඉක්මනින් යුක්රේනයට පැමිණෙනු ඇතැයි පෞද්ගලිකව දැඩිව විශ්වාස කරන බවයි.

ඔහුට යුද්ධයේ සැබෑ තත්ත්වය ගෙන ඒමට සහ පෙන්වීමට ඇති එකම ක්‍රමය එම සංචාරය බව ද ඇය පවසා තිබුණා.

යුක්‍රේන අමාත්‍යවරිය ඉන්දියාවේ අගනුවරට පැමිණ සිටියේ ලෝක උරුම කමිටු රැස්වීම සඳහායි.

එහිදී යුක්‍රේනය සහය දක්වන යෝජනා තුනක් යුරෝපීය රටෙහි ඓතිහාසික ස්ථානවලට යුද්ධයෙන් එල්ල වූ බලපෑම පිළිබඳ සම්මත කර ගන්නා ලද බව ද පැවසෙනවා.

එහිදී ඇය ඉන්දියාව සමඟ සංස්කෘතික සංවාදයක් පිළිබඳව ද අවධාරණය කර තිබෙනවා