පාකිස්තානුවන් සිය දහස් ගණනකට දුරදිග යන ප්‍රතිවිපාක ඇති කළ හැකි කනස්සල්ලට පත්වන වර්ධනයක් තුළ, ගල්ෆ් රටවල් කිහිපයක් පාකිස්තාන විදේශිකයන් සහ ශ්‍රම බලකාය සම්බන්ධයෙන් ඔවුන්ගේ කනස්සල්ල පළ කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර් සහ කුවේට් යන රාජ්‍යයන් විදේශගත පකිස්ථානුවන් සම්බන්ධයෙන් විවිධ කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බව විදේශ පකිස්ථානුවන් පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේදී හෙළිදරව් වී ඇති බවයි පැවසෙන්නේ.
මෙම හෙළිදරව්ව සිදුවන්නේ 2023 සැප්තැම්බර් මාසයේදී ම් රට හැර යන සියලුම පාකිස්තානුවන් අතරින් වැඩිපුරම විදේශ ගත වන්නේ යාචකයින් බව අනාවරණ වීමෙන් අනතුරුවයි.
පකිස්තාන යාචකයින් ඉරාකයට සහ සෞදි අරාබියට යන්නේ වන්දනාකරුවන් ලෙසයි.
එලෙස යන බොහෝ පිරිස් අනතුරුව යාචකයින් ලෙස ජීවත් වන බවයි අනාවරණ වී ඇත්තේ.
මැදපෙරදිග රටවලින් අත්අඩංගුවට ගත් යාචකයින් අතරින් 90%ක්ම පකිස්ථාන ජාතිකයන් බව ද මේවනවිට අනාවරණ වී ඇත