පාකිස්ථානයේ පාලනය කළ නොහැකි උද්ධමනය මේ වන විට ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ.
ඒ හමුවේ එළවළු, ධාන්‍ය වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මධ්‍යම පාන්තික ජනතාවට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද පකිස්තාන මාධ්‍ය පවසයි.
එපමණක් නොව, පාකිස්තානයේ ජනතාවට දැන් නිතර නිතර පාරිභෝගික භාණ්ඩවක මිල වෙනස්වීම් දැකීමට සිදු වී තිබේ.
කරච්චි නගරයේ එළවළු වෙළෙන්දන් පවසන්නේ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට මෙම දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ විකුණුම්කරු සහ පාරිභෝගිකයා යන දෙදෙනාම කනස්සල්ලට පත්ව සිටිති.
එක් දිනක තක්කාලි කිලෝග්‍රෑමයක් පකිස්තානය තුළ රුපියල් 120 ක් වන අතර ඊළඟ දිනයේ එය රුපියල් 200 දක්වා ඉහළ යයි.
ඇතැම් වෙළෙන්දන් පවසන්නේ දැනට පවතින මෝසම් වර්ෂාවෙන් ප්‍රධාන සැපයුම් විනාශ වී ඇති බවයි.
එබැවින් තොග වෙළෙන්දන් පාඩු පියවා ගැනීම සඳහා මිල සීමාවකින් තොරව භාණ්ඩ වල මිල ඉහළ දමන බව පැවසේ.
"අපි වගේ පොඩි කඩකාරයන්ට මේ බඩු වැඩි මිලට ලැබෙනවා. ඒ නිසා අපිට ඒක තවත් වැඩි කරන්න සිද්ධ වෙනවා. වෙළෙඳ පොළේ ගබඩා කාරයෝත් සැපයුම පාලනය කරන්න හදනවා. ඒ නිසා අපිට ලැබෙන දෙයින් අපිට කරන්න වෙනවා. ඒත් පාරිභෝගිකයා නිතරම බනිනවා. වෙළඳපොලේ යථාර්ථය නොදැන වැඩි මිලට භාණ්ඩ විකිණීම සඳහා අපි කටයුතු කරනවා," යනුවෙන් වෙළෙඳුන් පවසයි.
පවතින තත්ත්වය හේතුවෙන් මධ්‍යම පාන්තික පවුලකට පවා ක්‍රය ශක්තිය හීන වී ගොස් ඇති බැවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනය කිරීමට රජය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ජනතාව පෙන්වා දෙයි.
විදුලිය හා ආහාර ද්‍රව්‍ය පමණක් නොව, උද්ධමනය හේතුවෙන් නිවාස කුලී, ගෑස් මිල පවා සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.
පකිස්තානුවන් කෙතරම් ආර්ථික පීඩනයකට ලක්ව ඇත්ද යත්, ඔවුන්ගේ නිවෙස්වලට හුදෙක් විදුලි පංකාවක් හෝ වායු සමීකරණයක් භාවිත කිරීම පවා දැන් දුෂ්කර වී තිබේ.