Saturday, September 7, 2024

General line - 0115112241

ඉන්දු - මාලදිවයින් ගිවිසුම් අලුත් වෙයි

චිරාන් ධර්මසේන




ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය මූසා සමීර්, සංවර්ධන හවුල්කාරිත්ව සාකච්ඡාවල කොටසක් ලෙස 2024-2029 කාල සීමාව තුළ මාලදිවයිනේ සිවිල් සේවා නිලධාරීන් 1000 ක ධාරිතාවය ගොඩනැගීම සඳහා අවබෝධතා ගිවිසුම අලුත් කර තිබෙනවා.

ඒ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීව අගෝස්තු 9 වැනිදා මාලදිවයිනේ මාලේ හිදීයි.

ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ "අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ, යහපාලන ජාතික මධ්‍යස්ථානය විසින් බංග්ලාදේශය, ටැන්සානියාව, ගැම්බියාව, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ කාම්බෝජය යන රටවල සිවිල් සේවකයන් සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් සාර්ථකව පවත්වා ඇති බවයි.

එම ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් වල කොටසක් ලෙස, 2019 ජූනි 8 වන දින, මාලදිවයිනේ සිවිල් සේවකයින් 1000 ක් සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් සඳහා ඉන්දීය රජය, යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCGG) සහ මාලදිවයින් ජනරජයේ මාලදිවයිනේ සිවිල් සේවා කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණා.

මෙම සහයෝගීතාවයේ සාර්ථකත්වය හඳුනා ගනිමින් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුම තවත් වසර පහකට අලුත් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව 2024 අගෝස්තු 9 වන දින, අවබෝධතා ගිවිසුම නිල වශයෙන් අලුත් කරන ලද අතර, 2029 වන විට තවත් මාලදිවයින් සිවිල් සේවකයින් 1,000 ක් පුහුණු කිරීමට නියමිතයි.

මෙම නව හවුල්කාරිත්වය ඉන්දියාව සහ මාලදිවයින අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති, පාලනය සහ ක්ෂේත්‍ර පරිපාලනය තුළ මාලදිවයිනේ සිවිල් සේවකයන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි මාලදිවයින පවසනවා.

යහපාලන ජාතික මධ්‍යස්ථානය රටවල් කිහිපයක් හරහා රාජ්‍ය ප්‍රතිපත්ති සහ පාලනය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සහ සහයෝගීතාව වර්ධනය කිරීමට කැපවී සිටින බවයි ඉන්දියාව පවසුවේ