Tuesday, September 17, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම ලෙස තොරතුරු ඉල්ලන ව්‍යාජ වෙබ් අඩවියක් ගැන අනාවරණයක්




ඕනෑම පුද්ගලයෙකු පෞද්ගලික තොරතුරු වෙබ් අඩවි වෙත ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල පැවසුවේ එලෙස පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් ඔවුන්ගේ අනන්‍යතාවයට විශාල හානියක් සිදුවිය හැකි බවයි.

මෙම මැතිවරණ සමයේ මැතිවරණ කොමිෂන් සභාව ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් මේ දිනවල ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


යම් පණිවිඩයක් ලැබුනහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට පෙර එම ආයතන පිළිබඳ සොයා බැලීමක් සිදු කරන ලෙසයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල.