අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉකුත් රජය සමයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.
ඒ, තමන්ට සපයා දී තිබෙන ආරක්ෂාව දැඩි කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමකට අදාළවයි.
මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ පෙත්සම්කරුගේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නිසි ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව ඔහුට සුදුසු ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවයි.
මෙහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දී තිබෙන බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අනතුරුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා.