සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී අද ආරම්භ වුණා.
කාසියේ වාසිය හිමි කර ගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පළමු ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 04ක් දැවී ලකුණූ 136කක් රැස් කරගෙන සිටියා.
ජෝ රූට් නොදැවී ලකුණු 41ක් ලබා සිටි අතර ජෙමී ස්මිත් නොදැවී ලකුණු 05ක් රැස් කරගෙන සිටියා.
පන්දු යැවීමේදී අසිත ප්රනාන්දු ලකුණු 39කට කඩුලු 02යි. ලහිරු කුමාර සහ ප්රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්තා.